ජාත්‍යන්තර තත්ත්වයෙන් උසස් දෙස් විදෙස් පරිසරයට ඇලුම් කරන පාරිසරික වනජීවී පුහුණුව ලැබිය හැකි ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනය ඊයේ (2) දින නුවරඑළිය , හාවාඑලිය, සඳතැන්න ප්‍රදේශයේදී විවෘත කර තිබෙනවා
හෙක්ටෙයාර 53 ක භූමියකින් යුක්තව රුපියල් මිලියන 1500 ක ආයෝජනයකින් මෙම විද්‍යායතනය ඉදිකර තිබෙනවා.
නිල නිවාස දාහතක්, ක්‍රීඩාගාරයක්, අසූ දෙනෙකුට එකවර නැවතිය හැකි නේවාසිකාගාරයක්, එකසිය පනහකට එකවර ආහාර ගත හැකි ආපන ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පරිපාලන ගොඩනැගිල්ලක්, දේශන ශාලා පහසුකම්, පුස්තකාලයක්, වාහන නැවතිය හැකි අංගනයක්, ඇතුළු පහසුකම් බොහොමයක් මෙහි සලසා ඇති බව සඳහන්.
අඩවි වන නිලධාරීන් සඳහා NVQ 6 පාඨමාලාව, බීට්ටු වන නිලධාරි, NVQ 5 පාඨමාලාව, වන ශේත්‍ර සහකාර නිලධාරීන් සඳහා NVQ 3 පාඨමාලාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.
වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් 860 දෙනෙකු සඳහා ඉදිරියේ දී මෙම පාඨමාලා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආදායම් උත්පාදන පාඨමාලා ආරම්භ කරමින් පරිසරයට වනාන්තර වලට ඇලුම් කරන ජනතාවට එම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් දරුවන්ට, පාසල් හැර ගිය දරුවන්ට, විදේශීය පුද්ගලයින්ට, පර්යේෂකයින්ට, මෙම පාඨමාලා හැදෑරිය හැකියි..
එමෙන්ම එක් දින පාඨමාලා, සති අන්ත පාඨමාලා සහ කෙටි කෙටිකාලීන පාඨමාලා මෙලෙස හඳුන්වා දීමට නියමිතයි .
රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින්, පෞද්ගලික ආයතන නිලධාරීන්, මැනුම් නිලධාරීන්, භූමි සැලසුම් නිර්මාණ ශිල්පීන්, අවශ්‍ය න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම , අධ්‍යාපනය ලබාදීමට ද මෙම විද්‍යායතනය මගින් බලාපොරොත්තු වනවා .
වන කළමනාකරණ පාඨමාලා, පාරිසරික සංචාරක කර්මාන්තය පිළිබඳ පාඨමාලා, කෘෂිකාර්මික වනසංරක්ෂණ පාඨමාලා, ජලාධාර කළමනාකරණ පාඨමාලා, ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතයි..