සිනොපෙක් සමාගමේ මෙරට ඉන්ධන බෙදා හැරීමේ සමාගමේ සහ සිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙළෙඳපොළ කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කළ අතර සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙළෙඳපොළ මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.
එමෙන්ම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරෝත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට දැක්වූ අභිප්‍රාය එලෙසම ක්‍රියාත්මක කරන බව සහ ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එහිදී අවධාරණය කෙරුණා.