fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම නැව් සමාගමක් ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථාව ලබාදීමට එකඟවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 13:44

ලොව විශාලතම නැව් සමාගමක් ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථාව ලබාදීමට එකඟවෙයි

ලොව විශාලතම නැව් සමාගමක් වන ෆා ෂිපින් සමාගම ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථාව ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.

ෆා ෂිපින් සමගාමේ කළමනාකාර අධ්‍යක්ෂ යූ යොන්ක් ජුන් මහතා ඇතුලු එම සමාගමේ නියෝජිතයින් කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවු අවස්ථාවේ මේ බව හෙලි කෙරුණා.

ශ්‍රී ලාංකික පුහුණු තරුණ නාවිකයින් රැසකට චීනයේ පිහිටි තම සමගාමේ රැකියා අවස්ථා ලබාදිය හැකි බවයි යොන්ක් ජුන් මහතා කියා සිටියේ.

එමෙන්ම එම බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ නාවික ක්ෂේත්‍රෙය් නියලෙන පාර්ශවකරුවන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ද ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය යටතේ ඇති මහපොළ සමුද්‍රීය විද්‍යායතන මගින් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන මගින් සහ මොරටුව විශ්වවිද්‍යාලය මගින් ද නාවික ක්ෂේත්‍රයේ ගුණාත්මක කණ්ඩායමක් සෑම වසරකම පුහුණු කරන බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 13:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්