fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හරියට වැඩ කරන්නේ නැත්තන් විශ්වාසභංග ගේනවා – මන්ත්‍රී රෝහිත

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 11:18

හරියට වැඩ කරන්නේ නැත්තන් විශ්වාසභංග ගේනවා – මන්ත්‍රී රෝහිත

ආණ්ඩුවේ අමාත්‍යවරුන් ජනතාව වෙනුවෙන් නිසිලෙස තම වගකීම් ඉටුනොකළොත් ඔවුන්ට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාසභංග යෝජනා ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ශාඛා ප්‍රතිසන්ධාන කටයුතු දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සාමාජිකයින් බඳවා ගැනීම මෙහිදි සිදු වූ අතර පක්ෂ ක්‍රියාකාරී කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් ද පත් කිරීම ද කටයුතු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්