පස් කන්දකට යටවී තිදරු පියෙක් ජීවිතක්ෂයට
Related Articles
නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක් සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ පස් කන්ද කඩා වැටිමෙන් ජීවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි තිදරු පියයෙකි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා නාවලපිටිය මහ වතුර ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටියදි නාවලපිටිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමඟ පස් කන්ද කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පස් කන්දට යට වූ පුද්ගලයා ප්‍රදේශවාසින් එක්ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත් වි සිටි බවයි පොලිසිය පැවසුවේ.