සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලැබුණු ණය සහනය
Related Articles
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට පසුගිය පළමුවනදා සිට සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා.
ගොවි ජනතාවට වී සඳහා සාධාරණ මිලක් ලබාදීම මෙහි අරමුණයි.
වී අස්වනු මිලදී ගැනීම සදහා සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාත යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව දෛනික ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 25 හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි වී මෝල් හිමියන් වෙත මෙම ණය මුදල ලබාගැනීමේ හැකියාව පවතිනවා.
එක් මෝල් හිමියෙකු සදහා සියයට 16ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව ණය මුදල ලබාගත හැකියි.
ඉන් සියයට 12ක පොලී අනුපාතයක් මෝල් හිමියන් දැරිය යුතු අතර ඉතිරි සියයට 4 පොලී සහනාධාරයක් වනවා
. අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුයි. මහජන බැංකුව සහ ලංකා බැංකුව මගින් ලබාදෙන මෙම සමස්ත ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 4,000ක්. නොවැම්බර් 30 වනදා දක්වා ණය මුදල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.