ආර්ථික අර්බුදයට විරෝධය දක්වමින් සිරියානු ජනතාව දැවැන්ත විරෝධතාවක – ජනපතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි
Related Articles
සිරියානු රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතා රැළියක් සංවිධානය කර තිබෙනවා.
එරට ආර්ථික අර්බුදයට විරෝධය දක්වමිනුයි ජනතාව මෙම විරෝධතාව සංවිධානය කර තිබෙන්නේ.
‘ස්වෙයිදා’ නගරයේ පැවැත්වෙන විරෝධතා රැළියට එරට වැසියන් දහස් ගණනක් සහභාගී වී සිටිනවා.
සිරියා ජනාධිපති සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ.
සති දෙකක පමණ කාලයක සිට සිරියානු ජනතාව මෙලෙස විරෝධතාවේ නිරතවී අති බව සඳහන්.
විරෝධතා අතරතුර දී 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.