ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් පාකිස්ථානය ද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
මේ අනුව ඉතිහාසයේ පළමුවරට පාකිස්ථානයේ ඩිසල් හා පෙට්රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 300 සීමාව ඉක්මවා ගියා. පාකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙසේ ඉන්ධන මිල ඉහළයාම බරපතල කරුණක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
පාකිස්ථාන මුදල් ඒකකයේ අගය මේ වසරේ සීඝ්ර යෙන් පහත වැටුණා. පාකිස්ථානයේ විදේශ ණය හා වගකීම් ඇමෙරිකා ඩොල් බිලියන 126 යි දශම තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.