fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුම්බිණි නුවර සිට කොළඹ දක්වා සංවිධානය කර ඇති යතුරුපැදි සවාරිය පිළිබඳ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 12:06

ලුම්බිණි නුවර සිට කොළඹ දක්වා සංවිධානය කර ඇති යතුරුපැදි සවාරිය පිළිබඳ සාකච්ඡාවක්

නේපාලයේ ලුම්බිණි නුවර සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් සංවිධාන කර තිබෙනවා.

යතුරුපැදි සවාරිය පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

බුදුන් උපන් ලුම්බිණියේ සිට යතුරුපැදි සවාරිය ආරම්භ කිරීම අරමුණයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව හා නේපාලය යන රටවල ත්‍රිවිධ හමුදාවන්ගේ මෙන්ම තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙනුයි මෙය ක්‍රියාත්මක වන්නේ.

ලුම්බිණියේ සිට ඉන්දියාවේ දේශසීමාවට ඇතුල්වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, සාවස්ත්‍රි, සාරානාත්සංකස්ස යන ප්‍ර දේශ හරහා මෙම යතුරු පැදි සවාරිය දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා ගමන් කෙරෙනවා.

එතැන් සිට කංකසන්තුරේ දක්වා පැමිණෙන පා පැදි කරුවන් අනුරාධපුර , දඹුල්ල , මාතලේ, මහියංගනය, බදුල්ල, ඇල්ල, කතරගම , මාතර හරහා කොළඹට පැමිණීමට නියමිතයි.

එමෙන්ම මෙම රටවල් තුනෙහි කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සන්දර්ශනයක් කොළඹ දී පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්