fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය රට පුරා ප්‍රචලිත කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 10:08

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය රට පුරා ප්‍රචලිත කිරීමට පියවර

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

1970 වසරේ දී මෙරට ආරම්භ වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට ලොවපුරා ඉහළ පිළිගැනීමක් පවතිනවා.

අතුරු ආබාධ අවම ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට සැලකෙන මෙය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රටපුරා ප්‍රචලිත කරන බවයි අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ.

හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවා එහි ප්‍රථම වෛද්‍ය සමුළුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධි ලැබූ සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා.

එම වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් දුනුකාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්