fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 05:15

ප‍්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ වාර්තාව නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි, අදාළ වාර්තාවේ සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලට මෙම කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටද එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලට ද කහ වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2023 05:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්