fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි  සවාරියක් පැවැත්වීමේ සූදානමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2023 16:03

බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි  සවාරියක් පැවැත්වීමේ සූදානමක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි  සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුල් වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කංකසන්තුරයෙන් මෙරටට ඇතුල්වීමට නියමිතය.

ජනවාරි මස 15 වන දින මෙරට දී ආරම්භ කෙරෙන යතුරුපැදි සවාරිය කංකසන්තුරයේ සිට අනුරාධපුර, දඹුල්ල, මාතලේ, මහියංගනය, බදුල්ල, ඇල්ල, කතරගම, මාතර යන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ආකර්ශනීය ස්ථාන ආවරණය කරමින් කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඊට සමගාමීව කොළඹ දී රටවල් තුනේ කළාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය. ලුම්බිණියේ සිට ශ්‍රී ලංකාව දක්වා යෝජිත  දිගු  යතරු පැදි සවාරිය  අපගේ රටවල් අතර සබඳතාව සහ සමීප සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාකරනු ඇති අතර මෙම යතරු පැදි සවාරියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍ය  රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ශෙහාන් සේමසිංහ, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර  පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙහිදී අදහස් දැක් වූ අතර ඒ ඒ අමාත්‍යාංශ වලින් යතුරුපැදි සවාරියට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහතික විය.

නේපාල ඉන්දීය තානාපති නිළධාරීන් සහ සම්බන්දීකාරක රාහුල් පටේල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධහමුදා නිළධාරීන්, ඒකීය විශ්ව සංවිධානයේ (One universe organization ) පියල් දර්ශන ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2023 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්