fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපනයට ජපාන සහාය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2023 15:27

තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපනයට ජපාන සහාය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා.

දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තරුණ නිපුණතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසකට ජපානය නිරතුරුව ශ්‍රී ලංකාවට සහය ලබාදී ඇති බවයි.

නිල සංවර්ධන සහය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නකානිෂි යුසුකේ ප්‍රකාශ කළේ ජපානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබාදෙන බවයි. ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇති හැකියාව ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ ජපානයට තරුණ නිපුණතා සංවර්ධන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහය විය හැකි බවයි.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපන් භාෂාව හදාරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දූත පිරිසට ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන Imai Eriko සහ Ozawa Masahito, ජපාන තානාපති Mizukoshi Hideaki සහ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී, Mingawa Kenichi ඇතුළත් විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2023 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්