ආසියානු කුසලානයේ පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් සමග ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පන්දුවර පහරදීමට තීරණය කළා. එම තීරණය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය සමත් වුණා. ආබාධ හේතුවෙන් සුපිරි පන්දු යවන්නන්න කිහිප දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවූව ද නවක පන්දු යවන්නන් සිය වගකීම නිසි අයුරින් ඉටු කරනු දක්නට ලැබුණා. ඒ අනුව පන්දුවාර 42 යි පන්දු 4 කදී බංග්ලාදේශ ඉනිම ලකුණු 164 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. නජ්මුල් හුසෙන් ෂැන්ටෝ හුදෙකලා සටනක් ලබා දුන් අතර ඔහු ලකුණු 89 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී සිය එක්දින හොදම පන්දු යැවීම සටහන් කර ගැනීමට මතීෂ පතිරණට හැකි වුණා. ඔහු ලකුණු 32 කට කඩුළු 04 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ කඩුළු 2 යි. පන්දු රැකීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම මගින් සිදු වූ අඩු පාඩු කැපී පෙනුනා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා පැතුම් නිශ්ශංක ලකුණු 15 ක් තුළ ක්‍රීඩාගාරයට යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. කුසල් මෙණ්ඩිස් ලකුණු 5 යි. සදීර සමරවික්‍රම ලකුණු 78යි. චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් ලබා ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමග එක්දින ජාත්‍යන්තර තරගයකදී අඛණ්ඩව 11 වන වරට ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවාගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටවීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.