ලෝක බැංකුව ඩොලර් මිලියන 850ක් දෙන්න එකඟ වෙයි
ලෝක බැංකුව මෙම වසර සදහා ඩොලර් මිලියන 850 ක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක් තුළ ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ලොව ප්‍රථම රටවල් තුන අතර ශ්‍රී ලංකාව ද පවතින බවයි ඔහු පවසන්නේ.