fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

hasiniek
By hasiniek අගෝස්තු 31, 2023 15:32

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් හොර රහසේ නිවසක් තුල සඟවාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල ප්‍රදේශයේ නිවසකදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශිය දුම්වැටි 1,180 ක් සන්තකයේ තබාගෙන සිටි මකුළුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

hasiniek
By hasiniek අගෝස්තු 31, 2023 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්