fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2023 09:47

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඇල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට පහර දී බරපතළ තුවාල සිදුකළ සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඇල්ල පොලිසියේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ගොටුවිල හංදිය ප්‍රදේශයේ දී මත්කුඩු සම්බන්ධ වැටලීමක් සිදු කෙරුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 400ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

එම අවස්ථාවේ දී සැකකරු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් පහරදීම හේතුවෙන් එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2023 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්