fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට කොරියානු රේගු සේවය අවසර ලබා දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2023 10:43

ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට කොරියානු රේගු සේවය අවසර ලබා දෙයි

දකුණු කොරියාව ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ ඒවා “අසභ්‍ය ද්‍රව්‍ය” නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් වසර 3 කට පසුවයි.

කොරියානු රේගු සේවය ජූලි මාසයේ සිට සිරුරේ ලිංගික අවයව නිරූපණය කරන, ජීව ප්‍රමාණයේ නොවන ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

උස, බර සහ මුහුණ මත පදනම්ව බාල වයස්කරුවන් නිරූපණය කරන බෝනික්කන්ට තවමත් අවසර  ලබාදී නැහැ.

නිශ්චිත පුද්ගලයකුගේ පෙනුමට සමාන බෝනික්කන් ද තහනම් කර තිබෙනවා.

2019 දී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රේගු අධිකාරිය විසින් නිර්වචනය කර ඇති පරිදි ඇතැම් ජීව ප්‍රමාණයේ ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2023 10:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්