අපරාධකල්ලි සඳහා ගිනි අවි නිෂ්පාදනය කිරීමේ යෙදුණු පිය පුතු දෙපළක් මීරිගම කල්එළිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් නිෂ්පාදනය කළ ගිනි අවි හා උණ්ඩ තොගයක් ද සොයාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා මෙය කලක් තිස්සේ සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.
ගල්කටස් අවි , තුවක්කු බඳ , වායු රයිෆල් , ගිනි අවි කොටස් , ඊයම් බෝල , ඊයම් කුට්ටි, උණ්ඩ ඇතුළු උපකරණ විශාල තොගයක් සොයා ගැණුනු අතර ඒවා නිෂ්පාදනය සදහා යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගැණුනා.