fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවසන් රන්දෝලි පෙරහර අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2023 06:14

අවසන් රන්දෝලි පෙරහර අද

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහර අද (30) රාත්‍රීයේ වීදි සංචාරයට එක්වෙනවා.

රාත්‍රී 7 පසුවී මිනිත්තු 3ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාල පෙරහර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට සිදුවෙනවා.

පසුදින (31) අලුයම ශ්‍රී දළදා මාලිගා පෙරහර සිව් මහ දේවලා පෙරහර සමඟින් පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කොට ගෙඩිගේ රජමහා විහාරස්ථානයට ගොස් එහිදී දළදා කරඩුව තැම්පත් කිරීම සිදුවෙනවා.

පසුව සිව් මහා දේවල සිය දේවාල කරා ගොස් පුදපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරනවා.

සිව් වන රන්දෝලි පෙරහැර ඊයේ (29) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.

එහිදී දෑලේ ගමන් ගත්තේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ සිංහරාජා ඇතු සහ කැලණි රජ මහ විහාරයේ කණ්ඩුල  හස්තියාය.

දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවැති වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මෙදින මහ වැසි ඇද හැලුණු අතර වැසි නොතකා සැදැහැවතුන් පෙරහර නැරඹීමට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2023 06:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්