fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ එකඟතාව

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 17:25

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ එකඟතාව

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමුකළ බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම වන්දි මුදල ලබාගැනීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය විසින් ඉල්ලා ඇති බවයි.

එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළකර තිබුණා.

නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වන රජයේ එකගතාව එම සමාගම වෙත යොමුකිරීමට පියවර ගත් බවයි. ඒ පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡා වලදී ගත් තීරණයට අදාළවයි.

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්