කාන්තාවකගේ මොලයේ සිටි පරපෝෂිත පණුවා
Related Articles
කාන්තාවකගේ මොලයේ සිටි ජීවී පරපෝෂිත පණුවෙකු ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්වුණා.
සෙන්ටි මීටර් 8ක දිගින් යුතු මෙම පණුවා එම කාන්තාවගේ මොලයෙන් ඉවත් කරන විටත් මියගොස් නොසිටි බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.
මෙවැනි සිදුවීමක් ලෝකයෙන් වාර්තා වන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්.
මාස දෙකක පමණ කාලයක් එම පණුවා කාන්තාවගේ මොලය තුළ ජීවී තත්ත්වයෙන් සිට ඇති බව අනාවරණය වනවා.
මෙම සිද්ධිය තුළින් ඉදිරියේ දී ඇතිවිය හැකි භයානක රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බවටයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ඇය ජීවත් වු පරිසරය ආශ්‍රයෙන් මෙම පණුවා ඇයගේ සිරුරට ඇතුලු වන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.
එම කාන්තාවගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පළමු වරට හදුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු සංජය සේනානායක නැමැති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වීම විශේෂත්වයක්.