fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල මහ කන්න සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 13:06

යල මහ කන්න සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්

ඉදිරි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එළඹෙන මහ කන්නය සහ ඉන්පසු යල කන්නයේ වගා කටයුතු සිදු කිරීම පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සියලුම අංශවල සහභාගීත්වයෙන් අද (29) දින විශේෂ සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඇතුළු සියලු අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වී සිටි බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

විශේෂයෙන් ම වර්තමානයේ පවතින කාලගුණික ‍වෙනස්කම් හේතුවෙන් ඉදිරි මහ කන්නයේ මහා පරිමාණයේ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා.

ඇතැම් විට ගංවතුර තත්ත්වයක් දක්වා වුවත් මෙම තත්ත්වය වර්ධනය විය හැකි අතර, මීළඟ යල කන්නයේ නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් මෙම එල්නිනෝ ක්‍රියාවලියේ බලපෑම නිසා සිදු විය හැකි බව සඳහන්.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලැබෙන වර්ෂා ජලය උපරිම ලෙස කලමනාකරණය කර ගනිමින්, නිසි කලට ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවිජනතාව යොමු කළ යුතු යැයි මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා

එම නිසා රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය රට තුළම සිදු කිරීම කළ යුතු අතර, ඒ සඳහා ගොවිජනතාව, පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඇමතිවරයා සඳහන් කළා.

. මෙම වසර අවසන් වන තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟී. නමුත් රජය සතුව සහල් සහ වී සංචිත නොමැති නිසා සහල් මිල ඉහළ යාමේ තත්ත්වයක් උද්ගත විය හැකියි.

එම නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිලිවෙලක් රජය මඟින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කලා

එමෙන්ම එල්නිනෝ ක්‍රියාවලිය පිළිබඳව විධිමත් පරිදි ගොවිජනතාව හෝ නිලධාරීන් ද දැනුම්වත් වී නොමැති අතර, කාලගුණික වෙනස්කම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම මීට වඩා පුළුල් විය යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්