fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉම්රාන් ඛාන්ට එරෙහි රාජද්‍රෝහී චෝදනා නඩුව නිෂ්ප්‍රභ කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 10:17

ඉම්රාන් ඛාන්ට එරෙහි රාජද්‍රෝහී චෝදනා නඩුව නිෂ්ප්‍රභ කෙරේ

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර ඇති රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහි නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි අධිකරණය එය නිෂ්ප්‍රභ කර ඇත්තේ. රාජද්‍රෝහී චෝදනා යටතේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමේදී ෆෙඩරල් රජයේ කැමැත්ත ලබා ගැනීමට චෝදනා කරුවන් අපොහොසත් වී ඇති බව අධිකරණය පෙන්වා දුන්නා. දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඉම්රාන් ඛාන් මේ වනවිට වසර 3ක සිරදඩුවමකට ලක්ව සිටින අතර වසර 5ක කාලයක් දක්වා ඔහුට දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් වනවා.

කෙසේ වුවද රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් වන නඩුව නිෂ්ප්‍රභ කිරීම ඔහුට සහනයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්