fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරික ස්ථානවලින් භාණ්ඩ සොරකම් කළ කොල්ල කල්ලියක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 10:28

ව්‍යාපාරික ස්ථානවලින් භාණ්ඩ සොරකම් කළ කොල්ල කල්ලියක් අත්අඩංගුවට

ව්‍යාපාරික ස්ථානවලින් මහා පරිමාණයෙන් භාණ්ඩ සොරකම් කළ කොල්ල කල්ලියක් සොරකම් කළ භාණ්ඩ තොගයක් ද සමඟ හලාවත දැදුරුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.

ව්‍යාපාරික ස්ථානවලට රාත්‍රී කාලයේ ඇතුළුවී භාණ්ඩ සොරකම් කළ සොර කල්ලියක් රුපියල් ලක්ෂ 50ක් වටිනා භාණ්ඩ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැණුනා. පූගොඩ ඕවිට ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 31ක් වටිනා රෙදි සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුවයි මොවුන් අත්අඩංගුවට ගැණුනේ.

අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන අතර සැකකරුවන් දැදුරුඔය සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන්. රෙදිපිළි අලෙවිසැලෙන් සොරකම් කළ රුපියල් ලක්ෂ 10ක් වටිනා රෙදි සහ ගෑස් සිලින්ඩර් 27ක් ද සොයා ගැණුනා. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුට එරෙහිව අධිකරණ කීපයක නඩු සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්