එකක් මදිවට දෙකක්
Related Articles
චීනයට අධික උණුසුම සහ අධික ගංවතුර එකවර බලපා තිබෙනවා.
මීට පෙර ගංවතුර ඇති නොවූ ප්‍රදේශ රැසකට මෙවර ගංවතුර තත්ත්වය බලපා තිබීම විශේෂත්වයක්.
ඊසාන දිග චීනයේ හෙයිලොන් ජියැන්ග් පළාතේ ගංවතුර හේතුවෙන් වී වගාව 40%ක් විනාශ වී තිබෙනවා.
පුද්ගලයන් 81 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්වූණා.
2011 වසරේ දී චීනයේ එක් මාසයක දී ගංවතුර පිළිබද සිදුවීම් 8ක් වාර්තා වු අතර මේ වසරේ ජූලි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී එය 130 හා 82ක අගයක් ගෙන තිබුණා.
කෙසේ වෙතත් චීනයේ සෙසු කලාපවලට මේ වන විට අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල හිගයක් ද හටගැනීම බරපතළ තත්ත්වයක්.