සීගිරිය සංචාරක කලාපයක් ලෙස උප ව්‍යාපෘති නවයක් යටතේ සංවර්ධනය කිරීමට පියවර
Related Articles
සීගිරිය සංචාරක කලාපයක් ලෙස උප ව්‍යාපෘති නවයක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගැනෙනවා. ඒ සදහා ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 15ක ණය ආධාර ලබාගැනීමට නියමිතයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම්, පිවිසුම් මාවත සකස් කිරීම, තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, සීගිරිය වැව ප්‍රතිසංස්කරණය, රාම කැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත ස්ථාපනය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම සැළසුමයි.
මේ තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමට ද අපේක්ෂා කෙරෙනවා. සීගිරිය හා ඒ අවට ප්‍රදේශය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාපයක් බවට පත්කිරීම ද මෙම සැළසුමට ඇතුළත්.