මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ළමයින් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත් ජාවාරම හේතුවෙන් දරු පරපුර හා පාසල් පද්ධතිය දැඩි අනතුරකට ලක්ව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ළමයින් සදහා වූ පාර්ලිමේන්තු සංසදය රැස්වූ අවස්ථාවේදීයි. නාගරික මෙන්ම ග්‍රාමීය පාසල් ද වර්තමානය වනවිට මත් උවදුරට ලක්ව ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ.