නවීන ලෝකයට ගැලපෙන බුද්ධිමතුන් බිහි කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙමින් සිටින බවයි අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
කේ අයි යූ සරසවියේ හයවන උපාධි ප්‍රධානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වෙයන් පැවැත්වුණා. මෙහිදී පළමුවරට සාත්තුසේවය පිළිබද පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් සදහා සහතිකපත්‍ර පිරිනැමුණා.
ඒ ඇතුළු තවත් පාඨමාලා රැසක් සම්පූර්ණ කළ 750කට වැඩි පිරිසකට සහතික පත් ලබාදුන්නා.