fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒකීය රාජ්‍යය සුරැකීමට කැපවෙනවා – අගමැති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2023 11:19

ඒකීය රාජ්‍යය සුරැකීමට කැපවෙනවා  –  අගමැති

කුමන අභියෝග පැමිණිය ද ඒකීය රාජ්‍ය සුරැකීමට කැපවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මහජන එක්සත් පෙරමුණ සහ ජාතික සංවිධාන එක්ව වාර්ෂිකව පවත්වන අධිෂ්ඨාන පූජාව සහ සත්ක්‍රියාව කතරගම ඓතිහාසික කිරි වෙහෙර අභියසදී පැවැත්වුණා.

මෙවර එම පූජාව පැවැත්වුණේ 29 වන වරටයි.

කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම් මාලාවට කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා.

ඊට එක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජාතික ආර්ථික පුනර්ජීවයේ ඉදිරි පියවරක් ලෙස ප්‍රයෝජනයට නොගත් ඉඩම් යොදා ගනිමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2023 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්