දඹාන ආදිවාසීන් විසින් දන්ත ධාතූන් වහන්සේ වෙත සිදු කෙරෙන මීපැණි පූජාව මෙවරත් දළදා මාලිගාවේදී සිදු කෙරුණා.
ආදිවාසීන් විසින් නෙලාගන්නා මී පැණි වල හොඳම සහ නොයිඳුල් කොටස සෑම වර්ෂයකදීම දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම සිරිතක්.
මෙම මීපැණි පූජාවට ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු 65ක පමණ ආදිවාසීන් පිරිසක් සහභාගී වී සිටියා.
පරම්පරා ගණනාවක් තිස්සේ මෙම පූජාව සිදු කරන බව ආදිවාසී නායකයා මෙහිදී ප්‍රකාශ කළා.
මීපැණි පූජාවෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍යාග ඔවුන් වෙත පිරිනැමීද සිදු කෙරුණා.