පෙර පාසල් ගුරුවරු වෙනුවෙන් ඉහළ වැටුපක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2023 05:45

පෙර පාසල් ගුරුවරු වෙනුවෙන් ඉහළ වැටුපක්

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවත්, පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර  ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2023 05:45