fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශානි අබේසේකර නිදහස්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 20:35

ශානි අබේසේකර නිදහස්

ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නිදහස් කරනු ලැබුවා.

නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවයි.

පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස්, නිශාන්ත සිල්වා හා ආර්. ප්‍රේමතිලක යන අය අද දින නිදහස් කෙරුණු අනෙක් පුද්ගලයන් වනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 වසරේ අගෝස්තු මාසයේ අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරනු ලැබුවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 20:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්