සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කෙරේ
Related Articles
සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී අවශ්‍ය සියලුම අංශ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේයි නිලධාරීන් සම්බන්ධකරගැනීම සිදු වුණා.
රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙනුයි සාකච්ඡාව පැවැත්වුණේ.
මෙහිදී අංක පී එස්/ සී එස් ඒ/00/1/4/2 හා 2018 ඔක්තොබර් 12 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය මගින් එක් අයෙකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලය තුළදී ඔහුට නිෂ්චය කළ රු. 725,000 ක ඉන්දන දීමනාව පෞද්ගලික ලේකම්වරිය වෙත ලබාදීම ලබාදීම
සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
ප්‍රධාන අමාත්‍යාංශයට අයත් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් පසු රක්ෂණ සමාගම විසින් ලබාදෙන වන්දිය ලබා නොගෙන පෞද්ගලික ගරාජයකට ලබාදී අලුත්වැඩියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී අවධානය යොමුවී තිබුණා.