fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 2කට අධික කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 11:17

කෝටි 2කට අධික කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 83 ග්‍රෑම් 200 ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් මුහුදු තීරයේ පාර්සල් 22 ක් මුහුදේ පාවෙමින් තිබියදී සෝදිසි මෙහෙයුම්වල නිරත වූ උතුරු නාවික විධානයේ නීරීක්ෂණ යාත්‍රාවකට හමු වී ඇති අතර එම පාර්සල් පරික්ෂා කිරීමේදී අදාල කේරල ගංජා තොගය හමු වී තිබෙනවා.

ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් අදාල කේරල ගංජා තොගය රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදා යාත්‍රා දැක මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරනවා.

මුහුදේ පාවෙමින් තිබූ අදාල කේරල ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්