පෙරහැර සමයේ මහනුවර නගරය මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලින් තොර කලාපයක් බවට පත්කරයි
Related Articles
ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් නගර කලාපය මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් තොර කලාපයක් බවට පත්කර තිබෙනවා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී එන් ආර් අමරසිංහ මහතා පවසන්නේ පෙරහැර පැවැත්වෙන දින 10 තුළ මෙම නියෝගය ක්‍රියාත්මක බවයි.
රජයේ පරිශ්‍ර තුළ පිහිටා ඇති වෙළඳසැල්වල කිසිදු ආකාරයකින් දුම්වැටි , බුලත්විට ආදිය පවා විකිණීම තහනම් කර තිබෙනවා.
මෙම කටයුතු අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සහාය ද ලැබී ඇති බවයි අමරසිංහ මහතා කියා සිටින්නේ.
එමෙන්ම මහනුවර නගරයේ ආපනශාලා ඇතුලු වෙළඳසැල් පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙනවා.