fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

47 වැනි ජාතික ක්‍රීඩා තරඟාවලියේ අවසන් ක්‍රීඩා තරඟ අදින් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2023 05:43

47 වැනි ජාතික ක්‍රීඩා තරඟාවලියේ අවසන් ක්‍රීඩා තරඟ අදින් ඇරඹෙයි

47 වැනි ජාතික ක්‍රීඩා තරඟාවලියේ අවසන් ක්‍රීඩා තරඟ අද සිට 26 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙන්නේ.

ඉතිහාසයේ අවස්ථා හතළිස් හයකදීම ජාතික මහා ක්‍රීඩා උලෙළ ලෙසින් හැඳින්වූවද මෙවර ක්‍රීඩා තරගාවලිය ලෙසින් නාමය වෙනස් කොට පැවැත්වීම විශේෂත්වයක්.

මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා වැය වන ප්‍රතිපාදන අවම කොට තිබීම විශේෂත්වයකි.

තරඟාවලියේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ක්‍රීඩා ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව ජාතික හා ජාත්‍යන්තර තරඟවලදී මල්ලවපොර සහ ජූඩෝ ක්‍රීඩාවල දස්කම් දක්වා ඇති බස්නාහිර පළාතේ ඊ.එම්.එල්. ප්‍රියංකර සහ ජාතික ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 සහ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන් ජයග්‍රහණ අත්පත්කරගත් ශිවන්ති ජයතිලක යන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ලබාදී තිිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2023 05:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්