ලබන වසරේ සිට පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පොලිස් නිලධාරීන් වෙත බටා සහ ආහාර දීමනාවක් යන දිවිත්වයම ලබාදිය නොහැකි බව ඒ මහතා සඳහන් කළ අතර අමාත්‍ය ආරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් වෙත ලැබෙන විශේෂ දීමනාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක ඒකකයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් වෙත නොලැබීම සම්බන්ධයෙන් ද කරුණු සොයාබලන බව ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ විශේෂ දීමනාව නොලැබෙන පොලීසිය තුළ ඇති වෙනත් අභ්‍යන්තර දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ද මෙම විශේෂ දීමනාව ලබාදීම පිළිබඳව ලබන වසරේ අයවැය සකස්කිරීමේ දී අවධානය යොමුකර ඇති බවත් ඒ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී දැනුම් දී තිබෙනවා.