fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදයංග වීරතුංගට විදෙස්ගතවීමට අවසර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2023 15:53

උදයංග වීරතුංගට විදෙස්ගතවීමට අවසර

මිග් යානා ගණුදෙනුවට අදාළව විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට විදේශගත වීමට අධිකරණය අවසර ලබා දුන්නා.

ඉදිරි  නඩු දිනය දක්වා ඔහුට විදේශගත වීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ.

රුසියාවේ ප්‍රශ්නගත සමාගමට රතු නිවේදන ගණනාවක් නිකුත් කළ ද ප්‍රතිචාර නොමැති බව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ලිඛිත දේශන ගොණුකරමින් මෙහිදී පැවසුවා.

එම රතු නිවේදන ආපසු කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියා.

ඒ පිළිබඳ කරුණු විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.

එහිදී ජනාධිපති නීතිඥ වරයා පැවසුවේ එම දෙපාර්තමේන්තුව වසර තුනක සිට අධිකරණයට ඉදිරිපත් වී නැති බවයි.

අදාළ නඩුව නොවැම්බර් 22 වනදාට කල් දැමුවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්