LPL තරඟාවලිය අතරතුර ඇති වූ උරහිසේ ආබාධ තත්වය හේතුවෙන් දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු මෙවර LPL ශූරතාව දිනු බී ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වුයේ තරඟ 4ක් පමණයි.
දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතය කැඳවා තිබෙනවා.
ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමතියට යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.