මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණු පාඨමාලා වැඩසටහන් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවැත්වුණා.
1987 වසරේ ආරම්භ කළ මෙම ආයතනය නාවික වරාය හා සමුද්‍රීය ක්ෂේත්රයේ උසස් අධ්‍යාපනය හදාරණ තරුණ තරුණියන්ට දැනුම ලබාදුන් ප්රමුඛ ආයතනයක් වනවා.
නවීන තාක්ෂණයත් සමඟ රැකියා අවස්ථා පුළුල් වීම ද සැලකිල්ලට ගනිමින් මෙහි පුහුණු පාඨමාලා සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
නව පාඨමාලා ආරම්භ කිරීම මෙන්ම පුහුණුව සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව වැඩි කිරීමටත් ආචාර්යවරුන් බඳවා ගැනීමටත් අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන්නා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුලු පිරිස ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ස්ථාන පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.