නීතියට හොරෙන් ගෙනාව කෝටි 8ක ජංගම දුරකතන අමතර කොටස් විනාශ කරන්න තීරණයක්
Related Articles
නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන් වූ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් විනාශ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා.
මේ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන් වූ රුපියල් අටකෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකතන අමතර කොටස් මෙන්ම රුපියල් හැට තුන් දහසකට ආසන්න වටිනාකමකින් යුතු මෝටර් රථ අමතර කොටස් විනාශ කිරීමට නියමිතයි.
මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණය තුළින් පාරිභෝගිකයන්ට විශාල විනාශයක් සිදු වන බවයි රේගුව පෙන්වා දෙන්නේ.
ජංගම දුරකතනවලට මෙවැනි බාල වර්ගයේ චාජර් හා බැටරි යොදා ගැනීම හේතුවෙන් එවැනි දුරකතන පුපුරා ගිය අවස්ථා කිහිපයක් පිළිබඳවද වාර්තා වනවා.
රාජ්‍ය සන්තක කළ මෙම භාණ්ඩ තොගය විනාශ කිරීම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී.එස්.සී නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීමට නියමිතයි.