fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2023 10:04

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

මධ්‍යම කඳුකර බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහල බැස තිබෙනවා.

අද උදැසන වන විට කාසල්රි ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 42 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමේ සිට අඩි 39 දක්වා පහල බැස ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ උසස් නිලධාරියෙකු පවසුවා.

මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලාශයට යට වු මස්කෙලිය පැරණි නගරයේ පිහිටා තිබු හින්දු කොවිල , පන්සල , පල්ලියේ නටබුන් රැසක් මේ වන විට මතු වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2023 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්