fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කඩ දවස් 14ක් ඇතුළත ඉවත් කරගන්න – මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2023 11:36

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කඩ දවස් 14ක් ඇතුළත ඉවත් කරගන්න – මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

තලවතුගොඩ,  කිඹුලාවල මාර්ගය දෙපස පිහිටි වීථි ආහාර අලෙවි සැල් දින 14ක් තුළ ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අලෙවිසැල් හිමියන්ට යළි දැනුම් දී තිබෙනවා.

කිඹුලාවල මාර්ගය දෙපස ආහාර අලෙවිසැල් තාවකාලිකව සකස් කර තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එමෙන්ම අනවසරයෙන් තට්ටු කිහිපයක් සහිතව කඩ සකස්කර ඇති බැවින් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දින 14ක් තුළ එම අලෙවිසැල් ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අලෙවිසැල් හිමියන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා. මීට පෙර අවස්ථාවකදී ද මෙම අලෙවිසැල් ඉවත් කිරීමට යෝජනාවීමත් සමග එම හිමිකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා. පසුව එම අලෙවිසැල් මාර්ගයේ ගමනාගමනයට බාධා නොවන පරිදි සකස් කරන බවට ලබාදුන් පොරොන්දුවත් සමග අලෙවි සැල් පවත්වාගෙන යාමට අවසර හිමිවුණා.

කෙසේ වෙතත් අලෙවිසැල් හිමිකරුවන් පවසන්නේ මෙම තීරණයත් සමග තමන් දැඩී පීඩාවට පත්ව සිටින බවයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2023 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්