නීතිවිරෝධී විදේශ ගතවීම් වැලැක්වීමට අලුත් ඒකකයක්
Related Articles
සංචාරක වීසා යොදා ගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශ ගත වීම් වැලැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ” ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” විවෘත කර තිබෙනවා.
ඒ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගේ ප්‍රධානත්වයෙන්.
ඕමානය , මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මෑත කාළීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සදහා පිටත්ව ගොස් ඇති බවත් , එනිසා විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත් , ඒවා වැලැක්වීම සදහා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් මනූෂ නානායක්කාර මහතා කියා සිටියා.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා ඇති බව සඳහන්.
එහි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ , ආගමන විගමන දෙපාර්තමේන්තු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබෙනවා.
මාස තුනක නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු , මෙහි තවත් සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.