fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පයිස් ජෙට් මදුරෙයි – කටුනායක ඍජු ගුවන් සේවා යළි අරඹයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2023 21:31

ස්පයිස් ජෙට් මදුරෙයි – කටුනායක ඍජු ගුවන් සේවා යළි අරඹයි

ස්පයිස් ජෙට් ගුවන් සමාගම ඉන්දියාවේ මදුරෙයි සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් සේවා යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙකුගෙන් සමන්විත එස්.ජී.- 003 දරන එහි ප්‍රථම ගුවන් යානය අද (20) පස්වරු 02.2ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

යානය අද පස්වරු 2.50ට පමණ මගීන් 50 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මදුරෙයි බලා පිටත්ව ගොස් තිබේ.

බදාදා හැර සෑම දිනයකම ස්පයිස් ජෙට් සමාගමේ ගුවන් යානා කටුනායක සහ ඉන්දියාවේ මදුරෙයි ගුවන්තොටුපොළ අතර ගමන් කිරීමට නියමිතය.

මෙම ගුවන් ගමන් සේවා පසුගිය කොරෝනා වසංගත සමයේ දී අත්හිටුවා තිබුණි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2023 21:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්