කර්මාන්ත ප්‍රදර්ශනයක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී
Related Articles
රට තුළ ව්‍යාවසායකත්ව සංස්කෘතියක් ඇතිකිරීම තුළින් කර්මාන්ත සංවර්ධනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
මේ යටතේ කර්මාන්තවල දේශීය හා විදේශීය වෙලඳ අවස්ථාවන් වර්ධනය කිරීම හා ව්‍යාපාර අවස්ථාවන හඳුනාදීමේ වැඩපිළිවෙළ යටතේ තෝරාගත් පළාත් කීපයක කර්මාන්ත ප්‍රදර්ශන සංවිධානය කර ඇත. එහි එක් කර්මාන්ත ප්‍රදර්ශනයක් ලබන සැප්තැම්බර් මස 01, 02 හා 03 දිනයන්හි යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
කර්මාන්තයක නීතිමය තත්වය ශක්තිමත් කිරීම, කර්මාන්තයක කළමණාකරණ හැකියාවන් වර්ධනය, අලෙවි අවස්ථා ඇතිකිරීම, තාක්ෂනය හා ඉංජිනේරුමය සංවර්ධනය හා මූල්‍යම ශක්තිමත් භාවය ඇතිකිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් මේ වන විට විවිධ වැඩසටහන් දියත් කර ඇත.
ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් යටතේ ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැකිය හැක. මේ මගින් නව තාක්ෂනයන් හඳුනා ගැනීම, අලුත් ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම, අළෙවි අවස්ථාවන් ලබා ගැනීම, නව නිශ්පාදන කෙරෙහි යොමුවීම මෙන්ම ලංකාව පුරා ඇති නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාවද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් ලබා ගත හැකිවේ.
මීට අමතරව මෙම ප්‍රදර්ශනයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුලු කර්මාන්ත සඳහා සේවා ලබා දෙන ආයතන හා සම්බන්ධ වී ඔබට ඔබේ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාවසායකයෙකු වීමේ අවස්ථාවන්ද ලබා ගත හැකිවෙනු ඇත.
මේ පිළිබඳ වැඩිදුර විස්තර 0212 222 421/0779497924 අංකයට අමතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැක.