වර්තමානයේ පවතින ගැටලු ඉදිරි පරම්පරාවට ඉතිරි නොකර රට සංවර්ධනය කිරිමේ මෙහෙයුම රජය සිදුකරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
හබරාදූව කටුකුරුන්ද පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
කටුකුරුන්ද පුරාණ විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත දහම්පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණා.
එම උත්සවයෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබන වසරේ අගෝස්තු මාසය වන විට රට ආර්ථික වශයෙන් රට ශක්තිමත් බවට පත්වන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/-V4DVIcafkg”]