වසර තුනක් ඇතුළත නයිගර් රාජ්‍ය යළි සිවිල් පාලනයට භාරකරන බවට එරට වත්මන් හමුදා පාලකයා පවසනවා.
පසුගිය මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් නයිගර් රාජ්‍ය යේ පාලන බලය අත්පත් කර ගැනීමට එරට හමුදාව කටයුතු කළා.
අප්‍රිකා රටවල දැඩි බලපෑම හමුවේ වුවද නයිගර් රාජ්‍ය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් කිරීමට හමුදා පාලනය මේ වන තෙක් කටයුතු කර නැහැ.
එරට හමුදා ප්‍රධානී අබ්දෝරහුමාන් චියානි සඳහන් කරන්නේ වසර තුනක කාලයක් ඇතුළත රට යළි සිවිල් පාලනයක් වෙත භාරදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම තම රට වෙත වෙනත් රාජ්‍යයකින් එල්ලවන ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවද ඔහු පෙන්වා දෙනවා.
මේ වනවිට නයිගර් රාජ්‍ය ඉලක්ක කර ගනිමින් බටහිර රටවල් ඇතුළු ලොව පුරා රටවල් රැසකින් සම්බාධක පැනවීමටයි කටයුතු කර ඇත්තේ.