ණයට දුන් සල්ලි ඉල්ලන්න ගිය වෙලාවේ සිදු වුණ අපරාධය
Related Articles
මහරගම නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තලගල , කිරිවන්තුදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
ඔහු නාවින්න ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණයට මුදල් ලබා දී ඇති අතර එය ඉල්ලීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබුනා
ඔහු ණයට දුන් මුදල ලබා ගැනීම සඳහා තවත් පුද්ගලයෙකු සමග ත්‍රීරෝද රථයකින් ගොස් තිබුණා .
එම අවස්ථාවේ නිවසේ ගේට්ටුව වසා තිබීම නිසා එයට ගසමින් විවෘත කිරීමට ගිය විට ණය ලබා ගත් පුද්ගලයා පුද්ගලයින් දෙදෙනාටම තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ
අනතුරුව ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයෙන්ම හෝමාගම රෝහලට පැමිණ තිබූ අතර පසුව ණය ලබා දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.